Sadakomali Ayida Hangii Song Lyrics - සදකොමලී ඇයිද හැංගී ගීතයේ පද පෙළ

Sadakomali Ayida Hangii Song Lyrics - සදකොමලී ඇයිද හැංගී ගීතයේ පද පෙළ
Song Title : Sadakomali Ayida Hangii (සදකොමලී ඇයිද හැංගී)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

සදකොමලී ඇයිද හැංගී මෙසේ
නිල් තාරුකාවන් අහසේ දිලේ
අඩකවයක් වගේ රුවට මා හට පෙනේ
කිමද හැංගී ඔබ මේ ලෙසේ

සුදු සේපාලිකාවන් මග බලා 
හෙන්දිරික්කා මල් පිපිලා හිනැහේ
තුරු ලතාවන් පවනට සෙලවේ හෙමින්
සදකොමලියෙ නුඹෙ එලියෙන් සුව ගෙනේ

සිසිලස ගෙනෙනා විඩාව නිවනා මේ මැදියම් මහ රෑ
කොමළිය විලසින් නුඹ හිනැහෙන්නේ
තරු කැට සමගින් එකතු වෙලා
සීත මදනල සුවය ගෙනදෙන
නිසල සුන්දර මැදියමේ
නුඹේ එලියයි මගේ ජීවය සදා නොමැකෙන සේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment