Apa Sambudu Piyanane Song Lyrics - අප සම්බුදු පියානනේ ගීතයේ පද පෙළ

Song Title : Apa Sambudu Piyanane (අප සම්බුදු පියානනේ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

අප සම්බුදු පියානනේ
ඔබ පා පියුමන් නැමදී
අවසර මා හට දෙනු මැන
පද මාලාවක් ගොතන්ට

දෙව්මිනිසුන් සැප කෙලවර
අමා මහ නිවන් දකින්න
අවසර දෙනු මැන හිමියනි
පද මාලවක් ගොතන්ට

පද අතුරින් මහා සෑය
වර්නනාව මට කරන්ට
දෙනු මැන හිමියනි අවසර
මහා සෑයේ ගුණ වයන්ට

ස්වර්නමාලියේ ඔබ ගැන 
පද බදින්න වරම් දෙන්ට
ඔබේ තිබූ ගුණ අපමන
ගයා නොහැක නිම කරන්ට

ඔබේ තිබූ පින් මහිමෙන් 
මහා සෑය ඉදි කරන්ට
මහ රජුට අවැසි වුනා
සසරින් එතෙරට වඩින්ට

පූජා නගරේ මැදි කොට 
කිරි පාටින් බබලන්නට
මහ සෑයට පුදන දනා
සද්ධාවෙන් පුරනවන්නට

මහ සෑයේ මහ මළුවේ 
අබියස සක්මන් කරන්ට
පෙර පින් බල මහිමෙන් සැම
දෙන සසරින් එතෙර වන්ට

දෙනෝ දහක් මහ දන කැල 
පොළොවෙන් වැදගන්ටයි
තිස් තුන් කෝටියක් දෙවිඳු 
අහසින් වැඩ ඉන්ටයි

පෙලහර පාමින් මහ සෑ 
අසිරි ලබා ගන්ටයි
මතු සසරේ නැවත වරක් 
මහ සෑ වැද ගන්ටයි

මහ සෑයේ ගුන මහිමය
කියලා බෑ නිම කරන්ට
පතනෙමි එක පැතුමක් මම
මතු සසරින් එතෙර වන්ට
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment