Raa Ahasa Song Lyrics - රෑ අහස ගීතයේ පද පෙළ

Raa Ahasa Song Lyrics - රෑ අහස ගීතයේ පද පෙළ
Song Title : Raa Ahasa (රෑ අහස)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

දහවලේ සැම දවන
ගිනි මද්දහන නැවතිලා
සියලු ලෝ දනන්ගේ 
විඩාවන් සංසිදින

සැදෑ කල එලබිලා
හිරු මඩල වැඩ මුරය
ඉවර කොට නික්මිලා
ගිය පසුව හෙමි හෙමින්

සැදෑකල එලබිලා
සඳ කුමරිගේ බැල්ම 
කෙමෙන් දැන් වැඩිවෙලා
සැදෑකල උදා වී

සැම දනන් තුටු වෙලා
අහස් කුස විහිදගෙන 
තරු පොකුරු දිලිසිලා
ඇත අහස පිච්ච මල්

වට්ටියක සිරි දරා
කවක පද ගොතන්නට
සිතා සිටි මා නෙතට 
හසු උනේ නුබයි මට
තරු පිරුණු අහස් කුස.... 
දුලා.. ✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment