Melowa Eliya Dakumata Waram Nolada Maa Song Lyrics - මෙලොව එලිය දැකුමට වරම් නොලද මා ගීතයේ පද පෙළ

Melowa Eliya Dakumata Waram Nilada Maa Song Lyrics - මෙලොව එලිය දැකුමට වරම් නොලද මා ගීතයේ පද පෙළ
Song Title : Melowa Eliya Dakumata Waram Nolada Maa (මෙලොව එලිය දැකුමට වරම් නොලද මා)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

ඇසුණා අම්මේ 
ඔබගේ මුදු වදන් මට
දැනුනා අම්මේ ඔබෙ 
සියුමැලි පහස මට
නැතිදෝ මා කෙරේ
සෙනෙහක් පියා හට
අනේ අම්මේ මට බෑ
දුක දරන්නට

ඇසුණා ඔබේ 
ඉකිබිදුමක් රෑ තිස්සේ
ඇසුණා පියාගේ 
කෑ ගැසුමත් රලු සේ
ඇයිදෝ අම්මේ මට
මේ දෙය නොම තේරේ
නැතිදෝ ආලයක් 
මා හට පියතුමගේ

ආසයි දකින්නට
ඔබගේ දෑස මට
ආසයි විදින්නට
අප්පච්චිගෙ සිනා කට
අහිමිද මෙමා හට
ඔබ දෙපලගේ පහස
උහුලන්නට බැරිය
දුක් ගින්දර පුංචි මට

පෙර කල පවක් දෝ 
මට නම් නොම තේරේ
මා කල වරදක්ද 
අම්මේ පෙර භවයේ
ඔබගේ උනුසුමේ රැදෙනට
පෙර වාගේ
එන්නම් අම්මේ මතුවට 
ඇති සංසාරේ

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment