Budu Himiyane Song Lyrics - බුදු හිමියනේ ගීතයේ පද පෙළ

Budu Himiyane Song Lyrics - බුදු හිමියනේ ගීතයේ පද පෙළ
Song Title : Budu Himiyane (බුදු හිමියනේ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

බුදු හිමියනේ අවසර දෙනවදෝ මට
පැනයක් නැගී ඇත මා සිත දවන්නට
තිරිසන් සතෙකු වුන මගෙ දුක දකින්නට
බුදු හිමි තරම් කෙනෙකුන් නැත කියන්නට

මනසින් උසස් යැයි පවසා සිටින නිසා
මිනිසා ලෙසින් පැවසේ අරුතක් සලසා
සිතුමට කතා කෙරුමට ඇති හැකියාව නිසා
මිනිසා උසස් විය අනෙකුන් සතුන් ලෙසා

මනසින් උසස් යැයි පවසන නිරි සත්තු
කිමදැයි මෙලෙස හැසිරෙන්නේ නිරි සත්තු
මිහිකත මවගේ උණුසුම නම් නොම ගත්තු
සොබා දමම කා දැමුවැයි මනු සත්තු

අහෝ දුකකි මහ විපතකි සිදු වූයේ
පරිසරයට වින කෙරුවට සිදු වූයේ
කිසිවක් සිතා ගත නොහැකිව ලත වූයේ
බියකරු වසංගතයකි ලොව රජ වූයේ

සොබාදමට එරෙහිව ගිය මිනිසුන්නේ
දැන්වත් තේරුනාදෝ මෙහි ඇති අරුමේ
අවනත නොවී දැගලුවහොත් වෙන කරුමේ
පේනවානේද ලෝකයටම විය උරුමේ

සෑම දෙනා හට උරුමයි සොබා දම
සෑම දෙනා රකිනා මව සොබා දම
අවනත නොවී සිටියොත් නම් සොබා දම
දඩුවම් ලබාදෙයි ඔබ හට සොබා දම

බුදු හිමිගේ පාමුල මා දෙදණ ඔබා
බලා හිදිමි රසවත් දම් දෙසන තුරා
බුදු හිමි දෙසූ දම් රස වෑහෙනා තුරා
සියලු දෙනා හට සෙත් වෙයි මෙත් පතුරා.

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment