Amme Uba Pathuwa Song Lyrics - අම්මෙ නුඹ පැතුවා ගීතයේ පද පෙළ

Amme Uba Pathuwa Song Lyrics - අම්මෙ නුඹ පැතුවා ගීතයේ පද පෙළ
Song Title : Amme Uba Pathuwa (අම්මෙ නුඹ පැතුවා)
Lyrics : Indrani Kanthi (ඉන්ද්‍රානි කාන්ති)

අම්මෙ නුඹ පැතුවා නෙව දරුවෙක් ඕනා
උඩ මළුවේදි ඉකි බින්දා මට ඇසුනා
උහුලනු නොහී ඒ හඩ හදවත දැවුනා
එන්නට නොසිටි මට එන්නට මයි සිතුනා

දිවැසින් බැලිමි දුටුවෙමි නුඹේ අනාගතේ
පෙණුනා දරුණු රෝගෙක මග ලකුණු ඔබේ
හිත හිත හිටියේ නෑ හනි හනිකටම ඔබේ
 පැන්නේ කුසට සවියක් වනු පිණිස ඹබේ
ඔබ තුටු වේදනාවෙන්  මා කුසේ හොවා

 පිරි මැද  මුමුණනා විට මගෙ හිත පොඹයා
දෙවුලොව හිටියේ අම්මේ මොකටද හිතුනා
අම්මගේ  වේදනා අඩු වන මං හෙවුවා
අම්මගේ මර ලතෝනිය මගේ හිත දැවුවා
අම්මේ ගොඩාක් රිදුනද මගෙ හිත ඇහුවා

අම්මා  තටමලා තල්ලුව මට දුන්නා
අම්මාගේ රුධීරේ හෙමිහිට ලිස්සා ආවා
මිසී නෝනා කතුරින් පෙකනිය කැපුවා
ඇග රිදුනා නෙමෙයි අම්මේ හිත තැවුනා
දැණුනු හැගීමට හයියෙන් කෑගැහුනා

නැති උණු පණ දිගේ  අම්මාට කිරි එරුනා
අම්මාට කලින්  මා දෝතට ගත් නෝනා
පිහලා හෙමින්  මේ ඔබේ පුතු යැයි පෑවා
වේදනාව දුන් පුතු මගේ හිත කීවා

අම්මගේ හිනා  පිරි කට  මගේ දුක නිවුවා
අම්මේ ඔබ රුවයි එක පියයුරක් ඇති
දෙතනින් බීලා වද දෙන්නට කැමති නැති
ඉහිලුම් නැති රුදා ළග කිරි උරා බොමි

නොරිදා නුඹට  ඩිංගිත්තක්  දග කරමි
සෙනෙහස ගලන කදුලක සුදු මෘදු පහස
පෙරී වැටෙන විට මගෙ පපු කැනැත්තට
උරන කිරී පාර නවතා මොහොතකට

සතරැස් වලින් අම්මෙ  එක කථාවක
මම පුත් කුමරු ඔබ මගේ මවු රැජිණ අගේ
අපි දෙදෙනාම වින්දේ එක දුකම අගේ
සෙනෙහස සෙනෙහසින් වැඩි සෙනෙහසක් වුනේ
අම්මේ මමයි ලෙඩ සුව දෙන වෙදා නුබේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment