රසට පේස්ට්‍ර් හදන්න මෙන්න ක්‍රමය (Here's How To Make Delicious Pastries)

රසට පේස්ට්‍ර් හදන්න මෙන්න ක්‍රමය (Here's How To Make Delicious Pastries) - Your Choice Way
හදන්න අමාරුයි වගේ හිතුනට හරියටම මෙන්න මේ පියවර ටික අනුගමනය කලොත් ලේසියෙන්ම පේස්ට්‍ර් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පිටි 1kg
  • ලුණු 15g
  • සීනි 20g
  • මාගරින් 100g
  • වතුර 530g
  • පේස්ට්‍ර් මාගරින් 650g (පේස්ට්‍ර් මාගරින් වෙනමම ගන්න තියනවා)

සාදන ක්‍රමය:

  1. පේස්ට්‍ර් මාගරින් හැර අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර කර මෝලියක් සාදා ගන්න. වතුර මැන භාවිතයට ගෙන මෙය අතේ නොඇලෙන ලෙස මෝලියක් සාදා ගන්න.
  2. මෙම මෝලිය හොදින් අනා ගෙන රවුම් කර විනාඩි 30ට වැඩි කාලයක් විවේකීව තබන්න.
  3. ඉන්පසුව මෙම මෝලිය රෝලින් පින් එකක් භාවිතා කර හරි මැද සිට හතර පැත්තට කෙලවර තුනී වන ආකාරයට තුනී කරන්න. වැදගත්: පෙති වල ඝනකමට වැඩියෙන් මෝලියේ මැද උසට තිබිය යුතුයි.
  4. මෙම තුනී කර ගත් මෝලියේ මැදට පේස්ට්‍ර් මාගරින් 650g තබා පිටතට නොපෙනෙන සේ ආවරණය වන පරිදි කලින් දිග හරින ලද පෙති එකිනෙක පලල් කොට මැදට නමන්න.
  5. දැන් පේස්ට්‍ර් මාගරින් සහිත මෝලිය මැද සිට පේස්ට්‍ර් මාගරින් එලියට නොඑන ලෙස රෝලින් පින් එක භාවිතයෙන් ඉදිරියට හා පසු පසට නැවත තුනී කරන්න.
  6. අවශ්‍ය ආකාරයට (සෘජුකොනාස්‍ර හැඩයට ගත් විට පහසුයි) තුනී කර ගත් මෝලිය කොටස් 3ට ලකුණු කර එක පිට එක වැටෙන සේ දෙපැත්තෙන් මැද්දට නමන්න.
  7. ඉන්පසු මෙම මෝලිය විනාඩි 15කට වැඩි කාලයක් විවේකීව තබා නැවතත් තුනී කර කලින් ආකාරයටම කොටස් 3ට ලකුණු කර එක පිට එක වැටෙන සේ දෙපැත්තෙන් මැද්දට නමන්න.(මේ ආකාරයට 4 වරක් නැමිය යුතු අතට මෙය මාසයක කාලයක් උවද ශීතකරනයේ තබා පේස්ට්‍ර් සාදා ගත හැක. )
  8. අවසාන වශයෙන් මිලිමීටර් 3ක ඝනකමට තුනී කර අවශ්‍ය හැඩ අනුව කපා ගන්න.
  9. එයට තමන් කැමති පිරවුමක් යොදා අවන් එකේ තබන ට්‍රේ එකක (ට්‍රේ එකෙහි බටර් හෝ මාගරින් තවරා ගන්න) තබා බිත්තර ආලේප කර 200`C උශ්ණත්වයට විනාඩි 25ක් බෙික් කරන්න.(විනාඩි 20කින් පසු පේස්ට්‍ර් වල පැහැය සුවදත් සමග රන් වන් පැහැ වී ඇත් නම් අවන් එකෙන් බා ගන්න.)
රසට පේස්ට්‍ර් හදන්න මෙන්න ක්‍රමය (Here's How To Make Delicious Pastries)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment