චිකන් ෆීටර්ස් (Chicken Peeters)

චිකන් ෆීටර්ස් (Chicken Peeters) - Your Choice Way

අවශ්‍ය දේවල්:

  • චිකන් බ්රේස්ට් ග්‍රෑම් 700 ක් (කටු නැති )
  • පොඩි බිත්තර  2 ක් 
  • අල්මන්ඩ් හෝ සාමාන්‍ය පිටි ග්‍රෑම් ග්‍රෑම් 45 ක් 
  • මොසරැල්ලා  චීස් ග්‍රෑම් 100 ක් 
  • චොප් කරගත් බැසිල් කොළ තේ හැදි 2ක් (තිබේනම් )
  • චොප් කරගත් පාස්ලි මේස හැදි 2ක් (තිබේනම් )
  • ලුණු රස අනුව 
  • ගම්මිරිස් රස අනුව 
  • සුදූ ලුණු පව්ඩර් තේ හැදි 1/2 ක් 
  • මිරිස් කුඩු තේ හැදි 1ක් 

සාදන විදිහ:

  1. බෝල් එකක් අරගෙන එයට චිකන් ටික පොඩියට කපලා දාගන්න. 
  2. ඉන්පසු එයට මන් උඩ සදහන් කර ඇති සියළුම දේවල් එකතු කර හැන්දකින් හොදට කවලම් කරගෙන පැත්තකින් තියන්න.
  3. දැන් පැන් එකක්  සාමාන්‍ය ගින්දරේ තෙල් ටිකක් එකතු කර ලිපේ තියන්න එය රත් වෙන්න.
  4. දැන් අයිස් ක්‍රීම් ස්කුප් එකක් ගෙන අපි හදාගත්ත මිශ්‍රණයෙන් හැන්ද ගානේ අරගෙන රත් වෙච්ච පැන් එකේ තැන් තැන් වලට දාගෙන සමතලා කරගන්න.. 
  5. ඉන්පසු දෙපැත්ත දාගෙන කුක් කරගන්න..( උයද්දී මිශ්‍රණය කැඩෙනවා වගේ උනොත් තව පිටි ටිකක් කවලම් කරගන්න )
චිකන් ෆීටර්ස් (Chicken Peeters) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment