Api Asarana Wela Wage Song Lyrics - අපි අසරණ වෙලා වගේ ගීතයේ පද පෙළ

Api Asarana Wela Wage Song Lyrics - අපි අසරණ වෙලා වගේ ගීතයේ පද පෙළ
Song Title : Api Asarana Wela Wage (අපි අසරණ වෙලා වගේ)
Singing : Gunadasa Kapuge (ගුණදාස කපුගේ මහත්මා)

පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ //

හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ //

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙහෙසක් ඇති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ //

0 comments:

Post a Comment