Ahasa Nuba Metharam Song Lyrics - අහස නුඹ මෙතරම් ගීතයේ පද පෙළ

Ahasa Nuba Metharam Song Lyrics - අහස නුබ මෙතරම් ගීතයේ පද පෙළ
Song Title : Ahasa Nuba Metharam (අහස නුබ මෙතරම්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : ආනන්ද හේවාරන්හිඳගේ

අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනෙ නියගය ආවාමයි..//

රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුනේ කොහොමද
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිඹින් ලැබුනිද...

අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනෙ නියගය ආවාමයි...//

නීල ඉදුවර පෑ අහසට
කදුළු වැසි දුන්නේ කවුරුද...//
පලා පෑ ඉසි ලූ මිහිමත
නියන් ඇති රූ වුයේ කවුරුද...

අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනෙ නියගය ආවාමයි...//

0 comments:

Post a Comment