රසවත් මැලේ අච්චාරුවක් හදාගන්න පහසුම ක්‍රමය (The Easiest Way To Make A Delicious Malay Pickle)

රසවත් මැලේ අච්චාරුවක් හදාගන්න පහසුම ක්‍රමය (The Easiest Way To Make A Delicious Malay Pickle)

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රටඉඳි 200g
  • රතුලූනු 150g
  • කැරට් 100g
  • මාළුමිරිස් 150g
  • හොඳින් පැසුණු ඇඹ‍රැල්ලා ගෙඩියක්
  • කුඩා අන්නාසි ගෙඩියක්
  • අඹරාගත් සුදුළූණු බික් 8
  • ඉඟුරු කැබැල්ලක්
  • මිරිස් කුඩු මේස හැඳි 2
  • විනාකිරි කෝප්ප 1/2
  • අඹරාගත් අබ මේස හැඳි 1
  • සීනි මේස හැඳි 4
  • අවශ්‍ය පමණ ලුණු

සාදන ක්‍රමය:

  1. රටඉඳි වල ගෙඩි 5-6 ක ඇට හැර කුඩාවට කපන්න.
  2. ඉතිරි ටික ඇට හැර අඹරා ගන්න.
  3. මෙය මැටි බඳුනකට දමා එයට විනාකිරි කෝප්ප 1/2 ක් වතුර කෝප්ප 1/4 ක්, අඹරාගත් අබ , ඉඟුරු , සුදුළූණු , ලුණු මිරිස් කුඩු , සීනි දමා තරමක් උකු සෝස් එකක් වන ලෙස උණුකර ගන්න.
  4. මෙය ලිපෙන් බාන්න. ඉන්පසු එයට කපාගත් කැරට් , මාළුමිරිස් , අන්නාසි අඹ‍රැල්ල , රටඉඳි එකතු කර ගන්න.
  5. මෙහිදි කපාගත් රටඉඳි වෙනුවට වියළි මිදි එකතු කිරීමට පුළුවනි. මෙය හොඳින් මිශ්‍රකර වසා දිනක් පමණ තිබෙන්නට හැර කෑමට ගන්න.
රසවත් මැලේ අච්චාරුවක් හදාගන්න පහසුම ක්‍රමය (The Easiest Way To Make A Delicious Malay Pickle)

0 comments:

Post a Comment