ක්‍රීම් චීස් සහ මිශ්‍ර පළතුරු බටර් කේක් (Cream Cheese And Mixed Fruit Butter Cake) - Your Choice Way

පළතුරු කෑලි හැපෙන රසම රස බටර් කේක් එකක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • බටර් 125g
  • ක්‍රීම් චීස් 125g
  • සීනි 185g
  • බිත්තර 3
  • පාන්පිටි 200g
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • කජු 75g
  • වියලි මිදී 50g
  • පලතුරු කැබලි 50g
  • වියලි චෙරි 50g
සාදාගන්නා ආකාරය:
  1. මුලින්ම පාන්පිටි එක්ක බේකින් පවුඩර් කලවම් කරන් පෙනේරෙකින් හොදට දෙතුන් පාරක් හලාගන්න.
  2. පස්සේ භාජනයකට බටර්, ක්‍රීම් චීස් හා සීනි දා ගෙන හොදට බිට් කරන්න.
  3. දැන් එක සැරයකට 1 බිත්තරය ගානේ එකතු කරන් හොඳට බීට් කරන්න.
  4. ඊට පස්සේ පලතුරු ටික පොඩි කෑලි වලට කපලා එකටම කලින් හලා ගත්ත පාන් පිටි වලින් පොඩ්ඩක් දාලා පලතුරු වල පිටි දැවටෙන විදිහට හොඳට කලවම් කර ගන්න ඕනේ.
  5. ඊළගට කලින් බීට් කර ගත්ත මිශ්‍රණයට පිටි ටික එක්ක පලතුර්ය් ටික දාලා හඬකින් පෙරලමින් පිටි කැටි හිටින්නේ නැති වෙන්න කලවම් කරන්න.
  6. අන්තිමට බටර් ගා ගෙන පිටි ටිකක් ඉහ ගත්ත කේක් ටින් එකකට මිශ්‍රණය දා ගෙන කලින් සෙල්සියස් අංශක 175 උෂ්ණත්වයට රත් කර ගත අවන් එකක විනාඩි 45ක් පමණ බේක්  කර ගන්න.
  7. ඉන්පසුව නිවෙන්න හැරලා රස බලන්න තමයි තියෙන්නේ.

0 comments:

Post a Comment