පාන් වලින් රෝල්ස් හදමු (Let's Make Rolls Out Of Bread)

අවශ්‍ය දේවල් :
  • පෙති කපපු පාන්
  • මැදට මිශ්‍රණයක් 
  • බිත්තර දෙකක්
  • බිස්කට් කුඩු⁣
  • පොල් තෙල්
මැද මිශ්‍රණට අවශ්‍ය දේවල් :
  • තම්බාගත් අල 200g
  • ලීක්ස් 50g
  • කැරට් 100g
  • ගම්මිරිස් තේ හැදි 1ක්
  • කහකුඩු තේ හැදි 1/4ක්
  • මිරිස් කුඩු තේ හැදි 1ක්
  • තුනපහ තේ හැදි 1ක්
  • ළූණූ ගෙඩි 1ක්
  • සුදු ළූණූ තේ හැදි 1ක්
  • ඉගුරු තේ හැදි 1ක්
  • අමු මිරිස් කරල් 4ක්
  • අබ ඇට තේ හැදි 1/2ක්
  • කරපිංචා ඉත්තක්
  • රම්පේ කොල 1/2ක්
මුලින්ම මැද මිශ්‍රණයක් සාදන ආකාරය:
ඔබට මතක ඇති අපි එළවලු රොටි සාදන්න ගත්තු මිස්ශ්‍රනය.(එළවලු රොටි සාදන ආකාරය බලන්න මෙතනින්) එකම මේකටත් පාවිච්චි කරන්න පුළුවන්.
පහත ආකාරයට මිශ්‍රණය සකසා ගන්න,
  1. තෙල් ස්වල්පයක් රත්කර එයට අබ ඇට දමා පුපුරන විට ළූණූ, ඉගුරු, සුදු ළූණූ, කරපිංචා, රම්පෙ, අමුමිරිස් එක්කර රන්වන් පැහැ වන විට තුනපහ, කහ, මිරිස්, ගම්මිරිස්, ලුණු එක්කරගන්න. 
  2. මද වෙලාවකින් කැරට් එකතුකරන්න. 
  3. පසුව ලීක්ස් දමා සුළු වේලාවක් තම්බා පොඩි කරගත් අල එකතු කරන්න. 
  4. හොදින් මිශ්‍රකරන්න.
දැන් රෝල්ස් සාදන ආකාරය:
  1. පෙති වල හතර පැත්ත කපා ඉවත් කරන්න.
  2. රෝලර් එකකින් පාන් පෙති තුනී කර ගන්න.
  3. සාදා ගත් මිශ්‍රණය පාන් පෙත්තෙ මැදට තබා රෝල් කර ගන්න.
  4. ඉන්පසු වතුරෙන් හෝ බිත්තර සාරැ ගාලා අතින් තඳ කරලා අලව ගන්න.
  5. ⁣රෝල් කරාට පස්සෙ රෝල් එකේ දෙපැත්තත් ඒ වගේම අලව ගන්න.
  6. ඊට පස්සෙ බිත්තර සාරැ එකේ දාලා බිස්කට් කුඩු එකේ දවටලා තෙලෙන් බැද ගන්න.හරිම ලේසියි 😊

0 comments:

Post a Comment