PATHINIYE Song Lyrics - පතිනියනේ ගීතයේ පද පෙළ

PATHINIYE Song Lyrics - පතිනියනේ ගීතයේ පද පෙළ
Song Title : PATHINIYE (පතිනියනේ)
Artiste : Kanchana Anuradhi
Melody : Kanchana Anuradhi
Music : Amith Guru
Lyrics : Chamal Akalanka Polwaththage


මා හෙළනා මේ උණු කඳුළත් උහුලාපන් ලෙහෙනියනේ
මා වෙනුවෙන් මේ මහ මුහුදත් හින්දාපන් ලෙහෙනියනේ

මා හඬනා මේ වැළපුමටත් කන් දීපන් පතියනියනේ
මා වෙනුවෙන් මේ පඬිපුරයත් ගිනි තියපන් පතිනියනේ

දරුවන් හොයමින් යුධ බිම් මැද
සොයුරන් හොයමින් යුධ බිම් මැද
ප්‍රියයන් හොයමින්මරු කතරේ
උන්ගේ ලේ පිහදා දාපන්
සුදු හැඳගත් මැතිණියණේ !

මග්දාලේනාවන් නම් අපි
ගල් ගහපන් මහරජුනේ
භද්‍රාකල්පය පවතිනකන්
පව් හෝදා හැරපන්නේ

පතිනිය අදටත් මේ බිම මත
පියයුර සිඳිමින් විසිකර යත්නම්
කඳුළින් මව්වරු මේ බිම මත
දරු ගින්නෙන් ඇවිළී යා නම්
දියණිය සොයුරිය මේ අඳුරෙම
හිරු නොදැකම මියයනවා නම්

දෙවියන් මැව් මේ මහ පොළොවම
ඒ ගින්නෙන් අළුවී යත්දෙන්
දෙවියන් මැව් මේ මහ පොළොවම
ඒ ගින්නෙන් අළුවී යා..දෙන්

මග්දාලේනාවන් නම් අපි
මග්දාලේනාවන් නම් අපි

ගිනි තියපන් පතිතියනේ
ගිනි තියපන් පතිතියනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment