Song Title : Mathaka Aluthin Liyanna (මතක අලුතින් ලියන්න)
Artist : Udesh Indula
melody : Udesh Indula
Lyrics : Harshani Dinusha Adhikari
Music arrangement : Prakash Ranashinghe
mixing,mastering : Kalpa Gunasekara
Guitarist : Prakash Ranashinghe
Vedio Directed by : Kasun Kavinda
Assistant Director : Nishi Ekanayaka
Dop : Irushka Bogoda
Editor | Colorist : Kasun Kavinda Studio
Camera assistant : Sathika Dilhara
Production manager : Ravindu Devinda
Hair & Makeup : Dilini Pathirana
හිතුවෙ නෑ මන් කවමදාවත් නුඹව ආයෙත් දකින්න
හිතට හයියක් තිබුනෙ නෑ මට නුඹේ ඇස් මග හරින්න
එදා අපි ගිය පුරුදු පාරේ මටත් තිබුණා නොයන්න
අතර මගකදි හමුවුනේ ඇයි මතක අලුතින් ලියන්න
හිතින් නුඹ ගෙන මම ගියපු දුර නුඹත් හොදටම දන්නවා
ආදරේ අපි විදපු තරමට මගහැරුනෙ ඇයි හිතෙනවා
නුඹ තබාගිය මතක තවමත් නුවර හැමතැන තියනවා
අහිමි වුනුබව මතක් වෙනකොට අදත් මගෙ හිත රිදෙනවා
පරණ ලෙන්ගතුකම් සොයාගෙන එන්න බැරි බව දන්නවා
නතර වුනු තැන නතර වී මම අදත් නුඹ ගැන හිතනවා
දරාගත් හැටි මගේ හිත මම නුවර අහසම දන්නවා
අතහැරුණු හිත්වලත් ප්‍රේමයෙ ශේෂ වූ තැන් තියනවා


0 comments:
Post a Comment