Sandata Duka Hithila Song Lyrics - සඳට දුක හිතිලා ගීතයේ පද පෙළ

Sandata Duka Hithila Song Lyrics - සඳට දුක හිතිලා ගීතයේ පද පෙළ
Song Title : Sandata Duka Hithila (සඳට දුක හිතිලා)
Artist : Nuwandhika Senarathne & Isuru Geekiyanage
Music & Melody : @ThilinaRuhunage‬  [ THILINA R ]
Lyrics : Rachitha Wakista
Video : Thush @ Favorite


සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා
සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා
සංසාර හුරුකමින් හිත අවදියෙන්
නුඹ තාම මං නමින් ඇයි අතරමං
සංසාර හුරුකමින් හිත අවදියෙන්
නුඹ තාම මං නමින් ඇයි අතරමං
සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා

කිසිදා මගේ නොවෙනා
නුඹ ළග ඉන්න මං දන්නවා
තරහා වී නොයෙනා
මතකය වෙන්න මට හිතෙනවා

කවදාවත් තරු එළියේ
ඉර පායන්නේ නැහැ දන්නවා
හෙට ආයෙත් තරු එළියේ
හඳ පායාවි හිත කියනවා

හැමදා හිත හොයනා
උණුහුම වෙන්න මං දන්නවා
හැරදා දුර නොයෙනා
මට නුඹ දුන්න පෙම තියෙනවා

කවදාවත් තරු එළියේ
ඉර පායන්නේ නැහැ දන්නවා
හෙට ආයෙත් තරු එළියේ
හඳ පායාවි හිත කියනවා

සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා
සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා
සංසාර හුරුකමින් හිත අවදියෙන්
නුඹ තාම මං නමින් ඇයි අතරමං
සංසාර හුරුකමින් හිත අවදියෙන්
නුඹ තාම මං නමින් ඇයි අතරමං
සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment