Pa Sina Song Lyrics - පෑ සිනා ගීතයේ පද පෙළ

Pa Sina Song Lyrics - පෑ සිනා ගීතයේ පද පෙළ
Song Title : Pa Sina (පෑ සිනා)
Artiste : Dhyan Hewage
Lyrics : Dhyan Hewage
Melody : Pasan Liyanage
Music Produced : Pasan Liyanage @redfox Studios
Guitars : Prakash Ranasinghe
Mixed : ‪@redfoxworldaudio‬
Recording Engineers : Lucky Lakmina and Rihan Fernando
Mastered : Gethin John @Haffod Mastering


දැවෙන හද නිවනා - ගීතයයි ඔබ මා
දැනෙන දුක සඟවා - මා පෙමින් බැඳෙනා
සයනේ අද මා තනිවී - සිපගත්තේ නුඹ සිහිනේ
නුඹගේ පහසේ දැවටී - ලඳුනේ අද මා නිවෙමී

පෑ සිනා මතකේ සදා - ආදරේ දැනෙනා
පාවෙලා දුක් වේදනා - මා නුඹේ හැඟෙනා
වෑහෙනා පෙම් චේතනා - ජීවිතේ සනහා
හිත පාරනා සංවේදනා - මා හදින් මැකෙනා

රිදවනා සිතුම් සඟවා - නුඹට මා සිතින් පුදා
දිනක ඒ පැතුම් දරා - මගෙම වී හිඳින් සදා

ගැයෙන පද කියනා - තාලයයි ඔබ මා
මහද සිප හමනා - මාරුතේ රැඳෙනා
කඳුලැල්ලේ මා සිරවී - රැකගත්තේ නුඹ සිහිනේ
කවදා හෝ මා හමුවී - ලඳුනේ නුඹ හා නිවෙමී 

පෑ සිනා මතකේ සදා - ආදරේ දැනෙනා
පාවෙලා දුක් වේදනා - මා නුඹේ හැඟෙනා
වෑහෙනා පෙම් චේතනා - ජීවිතේ සනහා
හිත පාරනා සංවේදනා - මා හදින් මැකෙනා

රිදවනා සිතුම් සඟවා - නුඹට මා සිතින් පුදා
දිනක ඒ පැතුම් දරා - මගෙම වී හිඳින් සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment