Ithin Mama Innawa Song Lyrics - ඉතින් මම ඉන්නවා ගීතයේ පද පෙළ

Ithin Mama Innawa Song Lyrics - ඉතින් මම ඉන්නවා ගීතයේ පද පෙළ
Song Title : Ithin Mama Innawa (ඉතින් මම ඉන්නවා)
Performed By : Sanuka Wickramasinghe
Lyrics : Sanuka Wickramasinghe
Composition, Music Arrangement, Programming & Production : Sanuka Wickramasinghe
Mix & Master : Sanuka Wickramasinghe


සඳේ නුඹ ඉන්නවා
මගේ හද තාරුකා මැදුරේ
සඳේ මට පේනවා
නුඹේ රුව මා හදේ ගැඹරේ

අනේ මං ආදරෙන් නැහැවූ
හදින් රුහිරේ ගලා වැගිරූ
ඉතින් මම ඉන්නවා
අසල්වැසි තාරුකා මඬලේ

කුණාටුව ආ දිනේ හෙල්ලී
බිඳීගියේ ආදරේ සුන්වී
හමා ගිය මාරුතේ එල්ලී
කොහේ ගියෙදෝ මගෙන් වෙන්වී

අනේ මං ආදරෙන් ඔපලූ
හඬින් රැව්දෙයි වදන් තෙපලූ
ඉතින් මම ඉන්නවා
නුඹේ හඬ නෑසෙනා මානේ

සදාතන පෙම් කතා අතරේ
අපේ පෙම මැකීයයි කතරේ
නුඹේ සුවඳින් පිරී හසරේ
හඹා එමි හැම භවේ සසරේ

අනේ මං ආදරෙන් ඇදහූ
රුවින් රුදු වේදනා කැඳවූ
ඉතින් මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ

සඳේ මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ
නුඹේ හඬ නැසෙනා
අසල්වැසි තාරුකා මඬලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment