MAN ADAREI Song Lyrics - මං ආදරෙයී ගීතයේ පද පෙළ

MAN ADAREI Song Lyrics - මං ආදරෙයී ගීතයේ පද පෙළ
Song Title : MAN ADAREI (මං ආදරෙයී)
Artiste : Kanchana Anuradhi
Lyrics : Gen.Kamal Gunaratne
Melody : Kanchana Anuradhi
Music produced, Mixed & Masterd : Lahiru De Costa
Guitars / Banjo /Mandolin : Buddhika Perera


හුස්ම වැටෙනා ඇසිල්ලේ
මා ඔබ සොයා එමි නිදැල්ලේ
තබාගෙන ඔබෙ තුරුල්ලේ
නලවන්න ඔබෙ හද තොටිල්ලේ

කියනු මැන තුරුලට අරන්
මං ආදරෙයි... මගෙ රත්තරං
කියනු මැන තුරුලට අරන්
මං ආදරෙයි... මගෙ රත්තරං
මං ආදරෙයි... මගෙ රත්තරං

සඳ එළිය හරි සුන්දරයි
මද පවන මා ගත වෙලා යයි
දැනෙන සීතල නිවා ගන්නට
මා හද ඉතින් උණුහුම පතයි

සඳේ සාවිය විලසටා
ගුලිවෙන්න මට ඔබේ තුරුලටා
නිශාවේ ඇති සරා සඳ වී
එළිය දෙමි ඔබෙ දිවියටා

කියනු මැන තුරුලට අරන්
මං ආදරෙයි... මගෙ රත්තරං

මා දකින හැම සිහිනයේ
ඇසිපිය හෙලන හැම වාරයේ
අතින් අල්ලන් තුරුළු වී අපි
ඇවිද යමු සංසාරයේ

ඔබේ ලෝකයෙ රැඳෙන්නම්
ඔබ භවෙන් භවයේ පතන්නම්
ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නම්

කියනු මැන තුරුලට අරන්
මං ආදරෙයි... මගෙ රත්තරං
කියනු මැන තුරුලට අරන්
මං ආදරෙයි... මගෙ රත්තරං
මං ආදරෙයි... මගෙ රත්තරං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment