Latha Madulu Se Song Lyrics - ලතා මඩුලු සේ ගීතයේ පද පෙළ

Latha Madulu Se Song Lyrics - ලතා මඩුලු සේ ගීතයේ පද පෙළ
Song Title : Latha Madulu Se (ලතා මඩුලු සේ)
ගායනය : ප්‍රියනාත් රත්නායක
තනුව, සංගීතය : ප්‍රියනාත් රත්නායක
ගී පද : එච්.එම්. රත්නායක


ලතා මඩුලු සේ බැඳුණු අපේ
ආදර මල් දම් පියලි තැලී
ඔබ මා පැතු පෙම් මිලින වෙලා
සුසුමට තුරුලුව ගිලිහි ගියා //

ඔබෙ නෙතු බැල්මෙන් මසිත තිබූ
පාළුව සදහට ඉවතට ලූ
මා ඔබ සමගින් දැල්වූ පෙම්
පහන් වැටම අද නිවී ගියා
මා ඔබ සමගින් දැල්වූ පෙම්
පහන් වැටම අද නිවී ගියා

ලතා මඩුලු සේ බැඳුණු අපේ
ආදර මල් දම් පියලි තැලී
ඔබ මා පැතු පෙම් මිලින වෙලා
සුසුමට තුරුලුව ගිලිහි ගියා

පාළු සුසානේ ඈත කොනේ
නිසලව ඔබ අද නිදනු පෙනේ
නොසිතු විරාමය ලං කර දුන්
ඔබගෙන් කඳුළද උරුම උණේ
නොසිතු විරාමය ලං කර දුන්
ඔබගෙන් කඳුළද උරුම උණේ

ලතා මඩුලු සේ බැඳුණු අපේ
ආදර මල් දම් පියලි තැලී
ඔබ මා පැතු පෙම් මිලින වෙලා
සුසුමට තුරුලුව ගිලිහි ගියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment