Prema Thatake Song Lyrics - ප්‍රේම තටාකේ ගීතයේ පද පෙළ

Prema Thatake Song Lyrics - ප්‍රේම තටාකේ ගීතයේ පද පෙළ

Prema Thatake Song Lyrics - ප්‍රේම තටාකේ ගීතයේ පද පෙළ

Prema Thatake Song Lyrics - ප්‍රේම තටාකේ ගීතයේ පද පෙළ
Song Title : Prema Thatake (ප්‍රේම තටාකේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග වජිරා බාලසූරියගේය
පද රචනය : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ //
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැළි මේ වැව් ඉවුරෙ වදින්නේ
ප්‍රේම තටාකේ

මග‍ෙ පෙම් කෝකිලයෝ ඔබෙ ගීයේ
තාලෙට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ

චම්පා චම්පා කියලයි ‍මැණිකේ
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ //
ඔබෙ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාලු පැටවු මේ දිවගෙන එන්නේ
ප්‍රේම තටාකේ

හිමියනි ඔබගේ පුළුලුර තලයෙහි
වැව් ඉවුරෙහි නැත වෙනස පෙනෙන්නේ
මගෙ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරි තිබෙන්නේ

අනාගතේ මෙහි
පෙම් රස විඳිනා
හදවත් වලටයි
රසය දැනෙන්නේ //
ඒකයි මැණිකේ
මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ
ප්‍රේම තටාකේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment