Obata Thibena Adare Song Lyrics - ඔබට තිබෙන ආදරේ ගීතයේ පද පෙළ

Obata Thibena Adare Song Lyrics - ඔබට තිබෙන ආදරේ ගීතයේ පද පෙළ

Obata Thibena Adare Song Lyrics - ඔබට තිබෙන ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Obata Thibena Adare (ඔබට තිබෙන ආදරේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
ගී පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : ජි.එල්.ඒ. සෝමපාල
1972 දී තිරගත වූ "ආදරේ හිතෙනවා දැක්කම" චිත්‍රපටියේ ගීයකි.


ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල් කොළ මදි ලියාලා දෙන්න
ඔබෙ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිලා එන්න

ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවෙ නෑ
ගිය ගමනත් මෙච්චර කල් ඉන්න හිතුවෙ නෑ
මෙහෙ ලස්සන සුරපුරයකි මට ලස්සන නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනවා වගෙ නෑ

අහස උසට මාලිගා ඇත ඉන් අඩුවක් නෑ
ගයන වයන රඟන ලඳුන් නොදැක හිටියෙ නෑ
ගම්බද වගෙ කරත්ත නෑ වාහන අඩු නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනවා වගෙ නෑ

ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල්කොල මදි ලියාලා දෙන්න

හඳ දවසට අහස දිහා මම බලන්නෙ නෑ
බලන්න බැරි වේදනාව ඔබ නොදන්නෙ නෑ
ඒ මුහුණෙයි ඔබේ මුහුණෙයි වැඩි වෙන්සක් නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනවා වගේ නෑ

මගේ ගතින් මෙහි හිටියට හිතනම් මෙහි නෑ
මම එනකොට ආපසු එය ඔබ මට දුන්නෑ
සිරියාවිය දැකගන්නට එන දින දුර නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනවා වගෙ නෑ

ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල් කොළ මදි ලියාලා දෙන්න
ඔබෙ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිලා එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment