ලොවි ජෑම් හදමු (Lovi Jam Hadamu)

ලොවි ජෑම් හදමු (Lovi Jam Hadamu) - Your Choice Way

මේ දිනවල ඔයාලගෙ නිවෙස්වල ත් ලොවි ගස් ගෙඩි වලින් පිරිලා ඇති. ඉතිං මට හිතුනා ඔයාලට ලොවි වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් රෙසිපියක් ගේන්න ඕනෙ කියලා.මේක ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් ඒවගේම ලොවි කියලා හිතා ගන්න බැරි තරම් රසයි.ඉතිං ඔයාලගෙ පොඩිත්තනුත් ගොඩාක් කැමති වෙයි කියලා හිතනවා 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලොවි ගන්න.
  • 🌷 ලොවි ප්‍රමාණය වගේ  1 1/2 ක් සීනි ගන්න. (1: 1 1/2 අනුපාතය ට)
මෙතනදි ලොවි ප්‍රමාණය කියලා ගැනෙන්නෙ ලොවි ඇට ඉවත්කර සාදා ගන්න පල්පයේ ප්‍රමාණය.
❤ මම මෙහිදී ලොවි පල්පය ග්‍රෑම් 200 ක් සහ සීනි ග්‍රෑම් 300 ක් තමයි යොදා ගත්තෙ.
❤ මම මේකට ෆුඩ් කලරින් එකතු කලේ නැහැ , ස්වාභාවික වර්ණය තමයි තියෙන්නේ .

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌹 මුලින්ම ලොවි ටික සෝදා ගෙඩි යන්තමින් පැලෙන තුරු තම්බා ගන්න.මෙසේ තම්බා ගත් විට ලොවි වල තිබෙන තද ඇඹුල් ගතිය තරමක් දුරට අඩු කර ගන්න පුළුවන් . ඒවගේම ඇට ඉවත් කර ගන්න පහසුයි.
  2. 🌹 තම්බාගත් ලොවි ටික වතුර පෙරා නිවෙන්න තබන්න.
  3. 🌹 දැන් මේ තම්බාගත් ලොවි හොඳින් පොඩි කර හෝ ග්‍රයින්ඩ් කර මෘදු තලපයක් නැත්නම් පල්පයක් සේ සකස් කර ගන්න.
  4. 🌹 මේ ලොවි පල්පය පෙරනයක දමා පෙරා ඇට ඉවත් කර ගන්න.පෙරීමට වතුර පාවිච්චි කරන්න එපා, හැන්දකින් එහා මෙහා කරමින් පෙරා ඇට ඉවත් කර ගන්න.
  5. 🌹 දැන් මේ ලොවි පල්පය , මැනගත් සීනි සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර භාජනයක දමා හොඳින් හැඳි ගාමින් මද ගින්දරේ  උණුකරන්න.ජලය යෙදීම අවශ්‍ය නැහැ.
  6. ❤️  මිශ්‍රණය ඝන වීගෙන එනවිට වතුර පීරිසියක් ගෙන එයට ජෑම් මිශ්‍රණයෙන් බිංදුවක් දමා බලන්න .ජෑම් වතුරේ විසිරී නොයා ගුලියක් ලෙස තිබේ නම් ජෑම් වල පදම හරි
  7. 🌹 පදමට උණුවූ පසු ලිපෙන් ඉවතට ගන්න . ඔයාලට කැමති නම් ස්ට්‍රෝබෙරි එසන්ස් ටිකක් එකතු කර ගන්න පුළුවන් . රසය වගේම ඉතාම ප්‍රණීත සුවඳක් එමගින් ලැබෙනවා.
  8. 🌹 ජෑම් මිශ්‍රණයේ උණුසුම තිබියදීම ජීවාණුහරණය කල බෝතල් වල දමා පියන වසන්න.

ලොවි වලින් විතරක් නෙමෙයි ඔයාලට කැමති පලතුරකින් මේ විදියට ජෑම් හදා ගන්න පුළුවන් . සාමාන්‍යයෙන් ඇඹුල් අඩු පලතුරු අඹ, අන්නාසි , ගස්ලබු වැනි පලතුරු පල්ප සඳහා 1:1 අනුපාතය ට සීනි සහ පලතුරු පල්ප යොදා ගෙන හදා ගන්න . පලතුරු වර්ග කිහිපයක් එකතු කර උනත් ඔයාලට මේ ආකාරයට ජෑම් හදා ගන්න පුළුවන් .වතුර ගතිය අඩු තරමට අඩු වෙලාවකින් ජෑම් එක පදමට ගන්න පුළුවන් . විනාඩි 10 ක් 15 ක් වගේ ඉතාම අඩු කාලයක් තමයි මට ගත වුනේ.

ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
ලොවි ජෑම් හදමු (Lovi Jam Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment