Iskole Hamine Song Lyrics - ඉස්කෝලෙ හාමිනේ ගීතයේ පද පෙළ

Iskole Hamine Song Lyrics - ඉස්කෝලෙ හාමිනේ ගීතයේ පද පෙළ

Iskole Hamine Song Lyrics - ඉස්කෝලෙ හාමිනේ ගීතයේ පද පෙළ
Song Title : Iskole Hamine (ඉස්කෝලෙ හාමිනේ)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : සමුද්‍ර වෙත්තසිංහ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


ඉස්කෝලෙ හාමිනේ
ඉස්කෝලෙ හාමිනේ ඇයි මට නපුරු වුණේ
මං නුඹට පෑ සෙනේ
ඇයි නොතකන්න කාරණේ
ඉස්කෝලෙ හාමිනේ ඇයි මට නපුරු වුණේ

ඉර පාන අරන් ආ දා සිට නුඹ ඉස්කෝලෙට
සඳපාන වුණත් සීතල නෑ මට රෑ ජාමෙට
තනි යාන උරුම වී වැළපෙණ විට වැහි කාලෙට
සුභ සීන අරං ආවේ නුඹ විතරක්මයි මට

ඉස්කෝලෙ හාමිනේ ඇයි මට නපුරු වුණේ

මගෙ හිසේ පැළඳි ආදරයේ ඔටුන්න අරගෙන
නොකියාම නුඹ ගියා ගින්දර දී මට ඇවිළෙන
අතරමං වෙලා දිවියේ තනියම වැළපුණ
මට දුන්නේ ඇයි මෙහෙම දුකක් පපුව පත්තුවෙන

ඉස්කෝලෙ හාමිනේ
ඉස්කෝලෙ හාමිනේ ඇයි මට නපුරු වුණේ
මං නුඹට පෑ සෙනේ
ඇයි නොතකන්න කාරණේ
ඉස්කෝලෙ හාමිනේ ඇයි මට නපුරු වුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment