Thambili Gediya Song Lyrics - තැඹිළි ගෙඩිය ගීතයේ පද පෙළ

Thambili Gediya Song Lyrics - තැඹිළි ගෙඩිය ගීතයේ පද පෙළ
Song Title : Thambili Gediya (තැඹිළි ගෙඩිය)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


තැඹිළි ගෙඩිය ඇපල් ගෙඩිය දෙළුම් ගෙඩිය ජම්බු ගෙඩිය
මොනවා ගැන කිවුවත් මට ඇගෙ ලස්සණ කියනු බැරිය
පොතක පතක ලියනු බැරිය මතක තියා ගන්න බැරිය //

රන්වන් කරලින් බරවුණ ගොයම වගේ ලස්සණයි
ගලා බසින කැලණි ගඟේ රළ පොඩි වගෙ ලස්සණයි
ගොපලු නළා හඬෙන් ඇසෙන ගීතය වගෙ ලස්සණයි
තරු අතරේ සිනාසිසී හඳ වගේම ලස්සණයි

තැඹිළි ගෙඩිය ඇපල් ගෙඩිය දෙළුම් ගෙඩිය ජම්බු ගෙඩිය
මොනවා ගැන කිවුවත් මට ඇගෙ ලස්සණ කියනු බැරිය
පොතක පතක ලියනු බැරිය මතක තියා ගන්න බැරිය //

එරන්දතිය ගැන බැලුවම ඇයට වඩා ලස්සණයි
පබාවතී ගැන ඇහුවම ඊට වැඩිය ලස්සණයි
නාග කන්නිකාව නොවෙයි ඈ හරියට ලස්සණයි
සුරංගනියො දැකල නැතත් ඈලට වැඩි ලස්සණයි

තැඹිළි ගෙඩිය ඇපල් ගෙඩිය දෙළුම් ගෙඩිය ජම්බු ගෙඩිය
මොනවා ගැන කිවුවත් මට ඇගෙ ලස්සණ කියනු බැරිය
පොතක පතක ලියනු බැරිය මතක තියා ගන්න බැරිය //

සංගීත සංදර්ශන රෑ ජාමෙට ඉවර වෙන්නෙ
සොහොන් පිටිය පසු කරගෙන තනියම මම ගෙදර එන්නෙ
ඔය හරියෙදි ඒ ලස්සණ තරුණිය මට මුණගැහෙන්නෙ
කනත්ත ළඟ නින්ද ගිහිං උදේට මම ගෙදර යන්නෙ
කනත්ත ළඟ නින්ද ගිහිං උදේට මම ගෙදර යන්නෙ
කනත්ත ළඟ නින්ද ගිහිං උදේට මම ගෙදර යන්නෙ
කනත්ත ළඟ නින්ද ගිහිං උදේට මම ගෙදර යන්නෙ
කනත්ත ළඟ නින්ද ගිහිං උදේට මම ගෙදර යන්නෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment