Siw Wasarak Thula Pem Sihiwatanaya Song Lyrics - සිවු වසරක් තුළ පෙම් සිහිවටනය ගීතයේ පද පෙළ

Siw Wasarak Thula Pem Sihiwatanaya Song Lyrics - සිවු වසරක් තුළ පෙම් සිහිවටනය ගීතයේ පද පෙළ
Song Title : Siw Wasarak Thula Pem Sihiwatanaya (සිවු වසරක් තුළ පෙම් සිහිවටනය)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


සිවු වසරක් තුළ පෙම් සිහිවටනය
නෙතු කඳුළක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමුවේවා

සීතල පව්වේ කඳුරැළි යායේ
සරසවි පායේ තුරු සෙවනැල්ලේ
ඔබ මට අවනත පොඩි දරුවෙකු සේ
සසර දිගේ ආ මේ දිගු ගමනේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙන්නා

සිවු වසරක් තුළ පෙම් සිහිවටනය
නෙතු කඳුළක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමුවේවා

හිමගිරි සෙවනේ දිය සීරාවේ
නාමල් යහනේ තරු මේලාවේ
නිහඬව වැළපෙන ඒ පෙම් සටහන්
මීදුම් සළුවක මැකී ගියාවේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙන්නා

සිවු වසරක් තුළ පෙම් සිහිවටනය
නෙතු කඳුළක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමුවේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment