Sihina Lowe Mihira Mawu Song Lyrics - සිහින ලොවේ මිහිර මැවූ ගීතයේ පද පෙළ

Sihina Lowe Mihira Mawu Song Lyrics - සිහින ලොවේ මිහිර මැවූ ගීතයේ පද පෙළ
Song Title : Sihina Lowe Mihira Mawu (සිහින ලොවේ මිහිර මැවූ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : ලලිත් එස්. මෛභ්‍රීපාල
තනුව : සී.ටී. ප්‍රනාන්දු
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය


සිහින ලොවේ මිහිර මැවූ මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ //

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
පෙම් මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ

කවියන්ගෙ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ

මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී //

සිහින ලොවේ මිහිර මැවූ මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
පෙම් මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ

කවියන්ගෙ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ

මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී //

සිහින ලොවේ මිහිර මැවූ මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment