Seegiri Sukumaliye Song Lyrics - සීගිරි සුකුමාලියේ ගීතයේ පද පෙළ

Seegiri Sukumaliye Song Lyrics - සීගිරි සුකුමාලියේ ගීතයේ පද පෙළ
Song Title : Seegiri Sukumaliye (සීගිරි සුකුමාලියේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී.ටී. ප්‍රනාන්දු

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සණ ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ ඔබ ගෙනි සොඳුරේ

අතකින් මල් දරාලා
හසරැලි පාලා
සුසිනිඳු සළු ඔතාලා
විලවුන් ගාලා
ගෝමර පෙති විදාලා
දිස්නය දීලා
ආදරයෙන් උන් කාලෙ මේ දෑසෙ
සිතුවම් වීලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සණ ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ ඔබ ගෙනි සොඳුරේ

ඔබෙ රුව නැත මැකීලා
කල් ගතවීලා
මුලු දෙනෙතින් බලාලා
සිත සැනසීලා
ජන කවියන් ගොතාලා
කව් පදමාලා
කී විලසින් මං ගයමී රන්වන් ගී
හද සපුරාලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සණ ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ ඔබ ගෙනි සොඳුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment