Bilida Nalawe Ukule Song Lyrics - බිළිඳා නැළවේ උකුළේ ගීතයේ පද පෙළ

Bilida Nalawe Ukule Song Lyrics - බිළිඳා නැළවේ උකුළේ ගීතයේ පද පෙළ
Song Title : Bilida Nalawe Ukule (බිළිඳා නැළවේ උකුළේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : ඇලන්සන් පියදාස
තනුව : සී.ටී. ප්‍රනාන්දු


මේ ලෝකයේ .... සෑමා රසේ ...
මූණේ ඔබේ ... බිළිදු  පුතේ මගේ ...

බිළිඳා නැළවේ උකුළේ
හිනැහේ මල සේ කැකුළේ
මවගේ සෙනෙහේ පැතිරේ
රුහිරේ කිරිවේ ඉතිරේ

දෝත නඟා මොළවා
සුර ළාලනියෝ එනවා
ගීත අසා මවගේ
නොදොඩා නොහඬා හිනැහේ
පාද ගසා නටනා
බිළිඳා මතු වේ මිනිසා
ලෝ දහමේ නගිනා බසිනා
දුක සැප අතරේ වසනා

සෑම දෙනා කැඳවා
හුදු ආදරයේ රඳවා
මූණ බලා සැමගේ
නොදොඩා නොහඬා හිනැහේ
ජීවිතයේ සිහිනේ
සැනසීම තිබේ මුහුණේ
රෑ නිදියා දෙදෙනා බඳිනා
නිවසේ පහණයි බිළිදා

බිළිඳා නැළවේ උකුළේ
හිනැහේ මල සේ කැකුළේ
මවගේ සෙනෙහේ පැතිරේ
රුහිරේ කිරිවේ ඉතිරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment