Sarasaviyedi Heta Vitharai Hamuwanne Song Lyrics - සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ ගීතයේ පද පෙළ

Sarasaviyedi Heta Vitharai Hamuwanne Song Lyrics - සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ ගීතයේ පද පෙළ
Song Title : Sarasaviyedi Heta Vitharai Hamuwanne (සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : සිරිසමන් විජේතුංග
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ //

දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ
කොමළ පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවණේ

කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපළු හෙවණේ සරතැස නිවුණේ
අපේ මියුරු සීන පිරුණු රජ දහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment