Gee Liyanna Mata Keewe Obe Nethayi Song Lyrics - ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි ගීතයේ පද පෙළ

Gee Liyanna Mata Keewe Obe Nethayi Song Lyrics - ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි ගීතයේ පද පෙළ
Song Title : Gee Liyanna Mata Keewe Obe Nethayi (ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : ගාමිණී ලේල්වල
තනුව හා සංගීතය : ආචාර්ය දයාරත්න රණතුංග


ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි //
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

හිතැඟි කළඹ කැටයම් කළ
නීල පලිඟු ගොළු කැඩපත //
 
හද බිතු තල සිතුවම් කළ
රූ දොඩමලු මුව රඟහල

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

තුරුණු බමර ආයාචන
අභියස පත්තිනි කෝවිල //
 
මගේ පෙමින් කුළු ගැන්වුණ
ගී බුබුලන ගීත බුබුල

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment