Payana Pun Sanda Nilakase Song Lyrics - පායන පුන් සඳ නීලාකාසේ ගීතයේ පද පෙළ

Payana Pun Sanda Nilakase Song Lyrics - පායන පුන් සඳ නීලාකාසේ ගීතයේ පද පෙළ
Song Title : Payana Pun Sanda Nilakase (පායන පුන් සඳ නීලාකාසේ)
ගායනය : සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
සිතක මහිහ (1964) චිත්‍රපටියේ ගීයක්.


පායන පුන් සඳ නීලාකාසේ
වාගෙයි මේ සුදු මුහුණ පුතාගේ //

ආදරයේ රස ගී හද මාගේ
එන්න ඉතිං නැළවෙන්න විනෝදේ

පායන පුන් සඳ නීලාකාසේ
වාගෙයි මේ සුදු මුහුණ පුතාගේ

කීකරු වී හැමදා එක වාගේ
ජීවිත කාලය ගෙවෙන තුරා මේ //
සිටියෝතින් හොඳ ළමයෙකු වාගේ
ආසිරිවාද ගෙනදේවි පුතේ

පායන පුන් සඳ නීලාකාසේ
වාගෙයි මේ සුදු මුහුණ පුතාගේ

මේ රට මේ දැය වෙනුවෙන් ඔබගේ
අන්තිම ලේ ටික වූවද ජීවේ
වේ සැමදා සිත වීරයො නාමේ
ආදරයෙන් රැකගන්න පුතේ

පායන පුන් සඳ නීලාකාසේ
වාගෙයි මේ සුදු මුහුණ පුතාගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment