Madura Yame Song Lyrics - මධුර යාමේ ගීතයේ පද පෙළ

Madura Yame Song Lyrics - මධුර යාමේ ගීතයේ පද පෙළ
Song Title : Madura Yame (මධුර යාමේ)
ගායනය : ආර්. මුත්තුසාමි සහ සුජාතා අත්තනායක (එවනට සුජාතා පෙරේරා)
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
1964 දී තිරගතවූ " සිතක මහිම" චිත්‍රපටියේ එන මේ ගීය හින්දි ගී තනුවකට නිමවූවක්.1963 දී භාරතයේ තිරගතවූ "ගුම්රා(හ්)" සංගීතවත් කළේ රවි ශන්කර් ශර්මා. එහි ඇතුළත් "ඉන් හවාඕ මේ ඉන් ෆිජාඕ මේ"  ගීයේ තනුවයි මධුර යාමේ ගීයට යොදාගත්තේ. ගීය ගැයුවා මහේන්ද්‍ර කපූර් සමග ආශා බෝස්ලේ.


මධුර යාමේ සුවදේ සාමේ //
සිනහ වීලා එන්න රෑ මේ
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ

තරු සිනා සේ දෙනෙත පොපියයි //
මසිත පිබිදී සතුට රජවෙයි

ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ

සුසුදු හංසයො විලෙහි සරතී
රසය ඇති තැන් කොහෙද සොයතී //
දෑත විහිදා එන්න අඳුරේ
උන්ව අල්ලා ගන්න මිහිරේ
අතට අතදී හිතට හිත දී //
රැල්ල විලසේ එන්න පෙරළී
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ

සීත සුවදේ හමන පවනේ
රෝස සුවඳයි ඔබගෙ සෙවණේ //
අඳුන් දෙනුවන රස ගෙනාවේ
සඳුන් සිසිලයි ඔබෙ සිනාවේ
ඈත සඳ ඒ බලනවානේ //
ඉන්න හොඳ නෑ යන්න ඕනේ

ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment