Nange Nagana Mal Song Lyrics - නංගේ නගන්න මල් ගීතයේ පද පෙළ

Nange Nagana Mal Song Lyrics - නංගේ නගන්න මල් ගීතයේ පද පෙළ
Song Title : Nange Nagana Mal (නංගේ නගන්න මල්)
ගායනය : රූකාන්ත ගුණතිලක මහත්මා සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය


නංගේ නගන්න මල් සිනා හදේ පිපෙන මල් ලතා
ජීවිතේ පුරාම ආදරේ සොරා ගනී ඔබේ යොවුන් වියේ යොවුන් කතා
සිනා නගන්නේ කාටදෝ හිතේ තියෙන්නේ මොනවදෝ
හැමදාම මේ වගේම ඇයි උදෑසනේ ඕනදෝ මගෙන් සෙනේ බිඳක්

පාසලේදී ඇයි දඟේ මෙසේ
පාරේදී මොකද මේ රඟේ
මල් කුමරියක් වගේ මනාලියක් වගේ
ජිවිතේ යොවුන් වියේ සුපෙම් රැඟුම් සලයි

නංගේ නගන්න මල් සිනා හදේ පිපෙන මල් ලතා
ජීවිතේ පුරාම ආදරේ සොරා ගනී ඔබේ යොවුන් වියේ යොවුන් කතා
සිනා නගන්නේ කාටදෝ හිතේ තියෙන්නේ මොනවදෝ
හැමදාම මේ වගේම ඇයි උදෑසනේ ඕනදෝ මගෙන් සෙනේ බිඳක්

ආදරේට මං බයයි අනේ
තාම ඕවා පුරුදු නෑ වගේ
එන්නකෝ පුදන්නකෝ ඔබේ යොවුන් සෙනේ
ආදරේ ලබන්නකෝ මගේ යොවුන් හදේ

නංගේ නගන්න මල් සිනා හදේ පිපෙන මල් ලතා
ජීවිතේ පුරාම ආදරේ සොරා ගනී ඔබේ යොවුන් වියේ යොවුන් කතා
සිනා නගන්නේ කාටදෝ හිතේ තියෙන්නේ මොනවදෝ
හැමදාම මේ වගේම ඇයි උදෑසනේ ඕනදෝ මගෙන් සෙනේ බිඳක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment