Mage Palpathe Song Lyrics - මගේ පැල්පතේ ගීතයේ පද පෙළ

Mage Palpathe Song Lyrics - මගේ පැල්පතේ ගීතයේ පද පෙළ
Song Title : Mage Palpathe (මගේ පැල්පතේ)
ගායනය : රූකාන්ත ගුණතිලක


මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා ගයමි මෙසේ
කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිහිවේ හදේ

මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී
කවදත් ඔබයි ආදරේ මට ලං වී
මගේ සිතේ සැනසුමක් ඇති වේ නම්
ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්

මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා ගයමි මෙසේ
කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිහිවේ හදේ

ඔබ කී කතා රස කතා අද වගේ
සිහිවේ ළයේ සැනසුමයි එය මගේ
සැමදා මෙසේ සිත සිත මම ඉන්නම්
ලැබුණොත් ප්‍රියේ වාසනා අත ගන්නම්

මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා ගයමි මෙසේ
කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිහිවේ හදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment