Mage Nopenena Adare Song Lyrics - මගේ නොපෙනෙන ආදරේ ගීතයේ පද පෙළ

Mage Nopenena Adare Song Lyrics - මගේ නොපෙනෙන ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Mage Nopenena Adare (මගේ නොපෙනෙන ආදරේ)
ගායනය : ප්‍රසංග තිසේරා
සංගීතය : ගිහේන් නිශාන්
පද රචනය : මෙලෙන් කරුණාතිලක


මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා
දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා
දුටුව බව හඟවනු එපා

සසරේ හමු වී පුරුදු ඇතිමුත් පුරුදු බව පවසනු එපා
මට කලින් ඔහුට පෙම දුන් බව යළි යළිත් පවසනු එපා
යළි යළිත් පවසනු එපා

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා
දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා
දුටුව බව හඟවනු එපා

සිහින අතරින් පෙනුනු සිහිනය සිහනයකි සඟවනු එපා
දකින දුරකින් ළඟින් ඉන්නම් පෙනුනු බව පෙන්වනු එපා
පෙනුනු බව පෙන්වනු එපා

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා
දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා
දුටුව බව හඟවනු එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment