Ma Obath Ekka Suhada Kathawak Song Lyrics - මා ඔබත් එක්ක සුහද කතාවක් ගීතයේ පද පෙළ

Ma Obath Ekka Suhada Kathawak Song Lyrics - මා ඔබත් එක්ක සුහද කතාවක් ගීතයේ පද පෙළ
Song Title : Ma Obath Ekka Suhada Kathawak (මා ඔබත් එක්ක සුහද කතාවක්)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : ලලිත් ද සිල්වා
සංගීතය : රෝහණ වීරසිංහ


මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා
කියල කියනවා

මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
ඇවිදින්නට තනි වෙන්නට යමුද අහනවා
යමුද අහනවා

සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්

වරදක් නැහැ කියනා කවුරුත් නොම එයි සිතෙනා
වරදක් නැහැ කියනා කවුරුත් නොම එයි සිතෙනා
සිපගන්නට ලං වෙන්නට එන්න අහනවා
එන්න අහනවා

මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment