Gatha Sitha Samakarala Song Lyrics - ගත සිත සමකරලා ගීතයේ පද පෙළ

Gatha Sitha Samakarala Song Lyrics - ගත සිත සමකරලා ගීතයේ පද පෙළ
Song Title : Gatha Sitha Samakarala (ගත සිත සමකරලා)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : සුදාස් මාස්කෝරාළ
තනුව : සී.ටී. ප්‍රනාන්දු


ගත සිත සමකරලා
රට දැය වැඩ පතලා
දෑස යොමාලා
වීර්ය වඩාලා
පිබිදෙමු දියුණ බලා
ගත සිත සමකරලා
රට දැය වැඩ පතලා

භේදා දුරලා
සම මෙත පාලා
සමගිව එකමුතු වීලා

ඈත බලාලා
පාද නගාලා
යමු යමු ඉදිරි බලා //

ගත සිත සමකරලා
රට දැය වැඩ පතලා

කුඹුරු සදාලා
වැවිලි වවාලා
සිරිලක ගොවිතැන පාදා

ශ්‍රී සරසාලා
ප්‍රීති පුරාලා
බොමු බොමු විජය අමා //

ගත සිත සමකරලා
රට දැය වැඩ පතලා

ඛනිජ සොයාලා
ධනය සදාලා
අගහිඟ නැති කර දාලා

යහ ගුණ දහමා
ශීලෙ සැදීලා
වැජඹෙමු සිහල සැමා

ගත සිත සමකරලා
රට දැය වැඩ පතලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment