Duppathata Ko Sapa Loke Song Lyrics - දුප්පතාට කෝ සැප ලෝකේ ගීතයේ පද පෙළ

Duppathata Ko Sapa Loke Song Lyrics - දුප්පතාට කෝ සැප ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Duppathata Ko Sapa Loke (දුප්පතාට කෝ සැප ලෝකේ)
ගායනය : මොහිදින් බෙග්
පද : කරුණාරත්න අබේසේකර
චිත්‍රපටිය : ශූරයා 1957
තනුව : පෙන්ඩියාලා නාගේෂවර
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1955 දී තිරගතවූ Donga Ramudu නම් තෙලිඟු චිත්‍රපටියට, Ghantasala Venkateswararao ගැයූ Cherasala Palainava නම් ගීයෙනි.


දුප්පතාට කෝ සැප ලෝකේ //

මේ ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ

නැති බැරිකම් ඔහු පොළඹයි
නොමඟ යවයි සොරෙකු කරයි
අන්ථ දුකේ ඔබ වැටුණා
නම් දරාපු සොරෙකු වුණා
අන්ථ දුකේ ඔබ වැටුණා
දුප්පතාට කෝ සැප ලෝකේ
මේ ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ

නංගි ඔබේ දුකෙනි බොහෝ
කවුද අනේ මෙ හදි කළෝ
ඔඔඔඔ ඔඔ ඕ....
නංගි ඔබේ දුකෙනි බොහෝ
කවුද අනේ මෙ හදි කළෝ

දැන් නිරේකි ඈට මෙ ලෝ
ඈ අනාථ ළඳකි අහෝ
අතන මතෙන ඇවිද පාරෙ
කඳුළු බිබී වැළපෙනවා
දුප්පතාට කෝ සැප ලෝකේ
මේ ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ

සුන්දරීට දුන්න ගින්න
බෑ දෙවියනි නිවාගන්න

සුන්දරීට දුන්න ගින්න
බෑ දෙවියනි නිවාගන්න
මුහුණ දෙන්න බෑ ලෝකේ

මුහුණ දෙන්න බෑ ලෝකේ
අහස පොළව දෙස බලාලා
සුසුම් හෙළා ළතවෙනවා
දුප්පතාට කෝ සැප ලෝකේ
මේ ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ

කන්න වේල ගන්න සොයා
යන්න නොදී මහපාරේ

දික් කරලා නෝට්ටු කාසි
තරුණො එතී අත අල්ලා

දන්නවාද අයිය කෙසේ
පුංචි නඟා හට වූදේ

මොකද වෙන්නෙ කවුද දන්නෙ
ඉන්නෙ නැද්ද දුගියා

ඉන්නෙ නැද්ද දුගියා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment