Awilla Awilla Song Lyrics - ඇවිල්ල ඇවිල්ලා ගීතයේ පද පෙළ

Awilla Awilla Song Lyrics - ඇවිල්ල ඇවිල්ලා ගීතයේ පද පෙළ

Awilla Awilla Song Lyrics - ඇවිල්ල ඇවිල්ලා ගීතයේ පද පෙළ

Awilla Awilla Song Lyrics - ඇවිල්ල ඇවිල්ලා ගීතයේ පද පෙළ
Song Title : Awilla Awilla (ඇවිල්ල ඇවිල්ලා)
ගායනය : මොහිදීන් බෙග්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ලතා වල්පොල, මල්ලිකා කහවිට සහ පිරිස
පද : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : එම්.කේ. රොක්සාමි
1964 දී තිරගතවූ “ධීවරයෝ” චිත්‍රපටියට ගැයුණු ගීයකි.

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා //

කොවුලා බටලී පිඹිනව කොට්ටෝරුව බෙර ගහනව

කොවුලා බටලී පිඹිනව කොට්ටෝරුව බෙර ගහනව
ලේනා ගසයි කයිතාලම අවිච්චියා එහි නටනව

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා //

කැවුම් කොකිස් මුං අළුවා කිරිබත්වල රස බැලුවා

කැවුම් කොකිස් මුං අළුවා කිරිබත්වල රස බැලුවා
ගමේ ළඳුන් කොමල පපා උදේ රබානක් පැලුවා

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා //

අබුන් කටයි සුබ නැකතයි දෙගුරුන් හට බුලත් අතයි

අබුන් කටයි සුබ නැකතයි දෙගුරුන් හට බුලත් අතයි
ලැබූ අලුත් අවුරුද්දේ කිරි ඉතිරෙයි අපට සෙතයි

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා //

ආ ආ ආ ආ.... අඅඅ අඅඅ ආඅආ..... /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment