Buduwe Buduwe Song Lyrics - බුදුවේ බුදුවේ ගීතයේ පද පෙළ

Buduwe Buduwe Song Lyrics - බුදුවේ බුදුවේ ගීතයේ පද පෙළ
Song Title : Buduwe Buduwe (බුදුවේ බුදුවේ)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
පද : සිරිසේන විමලවීර
තනුව : ෂෙල්ටන් ප්‍රේමරත්න
1960 දී තිරගතවූ "වන මල" චිත්‍රපටියේ ගීයකි.(හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN 697)


බුදුවේ... බුදුවේ...
බුදුවේ... බුදුවේ...

ඔබ අනාගතේ බුදුවේ
මට පිහිට වෙන්න සුරිඳේ
පෙන්නන්න අඳුරු ලෝකේ
සැනසීම කොහිද ඇත්තේ
ඔබ අනාගතේ බුදුවේ
බුදුවේ බුදුවේ
බුදුවේ බුදුවේ

ඔබ නේද ලොව රකින්නේ
ඔබ නේද මාව රැක්කේ
ඇයි මාව විපතෙ දාලා
දැන් නිසොල්මන්ව ඉන්නේ
දැන් නිසොල්මන්ව ඉන්නේ
ඔබ අනාගතේ බුදුවේ

මං හැදූ පුංචි ඔරුවේ
ඇයි හබල මොකද කැඩුවේ

මං හැදූ පුංචි ඔරුවේ
ඇයි හබල මොකද කැඩුවේ
පදවන්න බැරුව පාවේ
මේ ගැඹුරු අඳුරු මූදේ
ඔබ අනාගතේ බුදුවේ
බුදුවේ බුදුවේ

රැකගන්න මාව සුරිඳේ
දිව නෙත් යොමාලා ඔබගේ
ඔබ ඒ පිනෙන් ම බුදුවේ
ශ්‍රී විෂ්ණු දේව රජිඳේ
ශ්‍රී විෂ්ණු දේව රජිඳේ
ඔබ අනාගතේ බුදුවේ
බුදුවේ බුදුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment