Sura Lowakinda Awe Piyaba Song Lyrics - සුර ලොවකින්ද ආවේ පියාඹා ගීතයේ පද පෙළ

Sura Lowakinda Awe Piyaba Song Lyrics - සුර ලොවකින්ද ආවේ පියාඹා ගීතයේ පද පෙළ

Sura Lowakinda Awe Piyaba Song Lyrics - සුර ලොවකින්ද ආවේ පියාඹා ගීතයේ පද පෙළ
Song Title : Sura Lowakinda Awe Piyaba (සුර ලොවකින්ද ආවේ පියාඹා)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ යන අය අතරින් කෙනෙකුගේය.
සංගීත අධ්‍යක්‍ෂණය : පී. එල්. ඒ. සෝමපාල
1979 දී තිරගතවූ "රජ කොල්ලෝ" චිත්‍රපටියේ ගීයකි.


සුර ලොවකින්ද ආවේ පියාඹා
මා හද නොසිතූ සිතුම් සිහින පෑවා

රන් ඕවිල්ලක පාවෙලා
ඔබෙ ඇල්මට බැල්මට මත්වෙලා
ඔබ නොපැතූ පැතුම් මා පැතූවා
ඒ හැම ඉටුවී සැබෑ සිහින වූවා

රන් ඕවිල්ලක පාවෙලා
ඔබෙ ඇල්මට බැල්මට මත්වෙලා

ලස්සන මල් පෙති සඳලුතලේ

ලස්සන මල් පෙති සඳලුතලේ
රොන් බොන මත්වුණු බමර වගේ
එන්නද මා දෙව්දුව සොයලා
ආදර මල් වැස්සට තෙමිලා

හද කිති කෑවේ ඔය දෑසයි
ඒ දෙස බලන්න හරි ආසයි
දහසක් සිතුවිලි පොපියනවා
රහසක් කියන්න ළංවෙනවා

පෙම් සිළ දැල්වෙන ආශාවේ

පෙම් සිළු දැල්වෙන ආශාවේ
රන් සඳ පායා දිලුනාවේ

සුර ලොවකින්ද ආවේ පියාඹා
මා හද නොසිතූ සිතුම් සිහින පෑවා

රන් ඕවිල්ලක පාවෙලා
ඔබෙ ඇල්මට බැල්මට මත්වෙලා

මින්පසු තනිවී නෑ යන්නේ

මින්පසු තනිවී නෑ යන්නේ
අත්වැල වාගේ මා එන්නේ
දෑසට දෑසක් හමුවෙනවා
දෑසට දෑසක් පැටලෙනවා

ආදර බවකින් මං ආවේ
ජීවන සුඳින් මත්වූයේ
ඔබගෙන් මා ලද පෙම් තිළිණේ
සුවයෙන් ජීවිතයම ඇලලේ

පෙම් සිළ දැල්වෙන ආශාවේ

පෙම් සිළු දැල්වෙන ආශාවේ
රන් සඳ පායා දිලුනාවේ

සුර ලොවකින්ද ආවේ පියාඹා
මා හද නොසිතූ සිතුම් සිහින පෑවා

රන් ඕවිල්ලක පාවෙලා
ඔබෙ ඇල්මට බැල්මට මත්වෙලා

ඔබ නොපැතූ පැතුම් මා පැතූවා
ඒ හැම ඉටුවී සැබෑ සිහින වූවා

රන් ඕවිල්ලක පාවෙලා
ඔබෙ ඇල්මට බැල්මට මත්වෙලා

ලල්ලල ලල්ලල ලල්ල ලා
ලල ලල්ලල ලල්ලල ලල්ල ලා ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment