Hankithi Kithi Kithi Song Lyrics - හන්කිති කිති කිති ගීතයේ පද පෙළ

Hankithi Kithi Kithi Song Lyrics - හන්කිති කිති කිති ගීතයේ පද පෙළ

Hankithi Kithi Kithi Song Lyrics - හන්කිති කිති කිති ගීතයේ පද පෙළ
Song Title : Hankithi Kithi Kithi (හන්කිති කිති කිති)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : සිරිල් ඒ. සීලවිමල
සංගීතය : එම්. කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "යළි ඉපදේ" චිත්‍රපටියේ ගීයකි.


හන්කිති කිති කිති කිතිකවලා
හැංගුණ සිත නිති පණ පොවලා
හැංගෙන අය අරගෙන සොයලා
හැංගෙමු හදවත් තුළ වැදිලා

කොහොමද කොහොමද කොහොමද කොහොමද
ඔහොමද ඉන්නෙ ඔයා //

මල් පෙති පෙති පෙති පෙති ගොතමූ
මල් මැද මල් වී රොන් සලමූ
මල් වැනි යෞවන කල සිතමූ
මල් ටික වාගේ අපි සිටිමූ

එහෙමද එහෙමද එහෙමද එහෙමද
එහෙමද ඉන්නෙ ඔයා //

මේ ලෝකේ අද වාගෙ නෑනෙ හෙට (හො හෝ..)
මේ ජීවෙ කලතාලා විඳිමු රහ (ම්..)

මේ ලෝකේ අද වාගෙ නෑනෙ හෙට (හෝ..)
මේ ජීවෙ කලතාලා විඳිමු රහ //

හිතක් තිබේ නම් (හොහොහ් හොහෝ)
සැපත් පෙනේ නම් (හොහොහ් හොහෝ)
නිකම් ඉන්නෙ ඇයි (හොහොහ් හොහෝ)
හරි හරි හරි හරි
හරි හරි හරි හරි
හරි හරි හරි හරි
හොහ් හෝ....

හන්කිති කිති කිති කිතිකවලා
හැංගුණ සිත නිති පණ පොවලා
හැංගෙන අය අරගෙන සොයලා
හැංගෙමු හදවත් තුළ වැදිලා

කොහොමද කොහොමද කොහොමද කොහොමද
ඔහොමද ඉන්නෙ ඔයා //

හැංගෙන්නෙ ඇයි බොරු ලැජ්ජා අරන් (හෝ..)
සන්තෝස නූනෝතින් දුක් වෙයි හොරෙන් (හො හෝ..)

හැංගෙන්නෙ ඇයි බොරු ලැජ්ජා අරන් (ම්..)
සන්තෝස නූනෝතින් දුක් වෙයි හොරෙන්

වයස පැඟිරි නම් (හොහොහ් හොහෝ)
අඟර දඟරකම් (හොහොහ් හොහෝ)
පාලා නටමු දැන් (හොහොහ් හොහෝ)
හරි හරි හරි හරි
හරි හරි හරි හරි
හරි හරි හරි හරි
හොහ් හෝ....

හන්කිති කිති කිති කිතිකවලා
හැංගුණ සිත නිති පණ පොවලා
හැංගෙන අය අරගෙන සොයලා
හැංගෙමු හදවත් තුළ වැදිලා

කොහොමද කොහොමද කොහොමද කොහොමද
ඔහොමද ඉන්නෙ ඔයා //

ලල් ලල ලල් ලල ලල් ලල ලල් ලල
ලල් ලල ලල්ල ලලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment