Sihina Dev Duve Song Lyrics - සිහින දෙව් දුවේ ගීතයේ පද පෙළ

Sihina Dev Duve Song Lyrics - සිහින දෙව් දුවේ ගීතයේ පද පෙළ
Song Title : Sihina Dev Duve (සිහින දෙව් දුවේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්.කේ. රොක්සාමි
තනුව : ශන්කර් ජායිකිෂන්


සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සඳෙහි ලප තියේ, මලෙහි කටු තියේ, උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ

චන්දන දියෙන් දොවාලා
ඔය නලලේ අත තියාලා
මම ඔබ ලඟයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා

කල්‍යාණි නමට අම පෙම්
දිවි බඳුන පුද කරන්නම්
ඉපදුනේද භවේක කිසියම්
මුලු සසරෙදිම ඔබේ මං
අවසාන මොහොත වේවා
ඔබ ලඟදී ලඟා වේවා
ගිණි නැතුව මා දැවේවා
සිහිවටන එහි මැවේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment