Siduwu De Aho Song Lyrics - සිදුවූ දේ අහො ගීතයේ පද පෙළ

Siduwu De Aho Song Lyrics - සිදුවූ දේ අහො ගීතයේ පද පෙළ
Song Title : Siduwu De Aho (සිදුවූ දේ අහො)
ගායනය : ලතා වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් උපුටා ගැනීමකි
සංගීතය : ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "පිරිමියෙක් නිසා" චිත්‍රපටියේ ගීයකි.


සිදුවූ දේ අහො
අපරාදේ
පිළිරුව මගෙ බිඳීලා ගියා //

රූපෙ ඒ නැතිවී ගියා
පිළිරුව මගෙ බිඳීලා ගියා
සිදුවූ දේ අහො
අපරාදේ
පිළිරුව මගෙ බිඳීලා ගියා

බැලු බැලු තැන බිම පොඩි පොඩි කෑලී
කුඩු කුඩු වී හැළි පෑගෙයි දූලී //

සෝබමානව දිස්නෙ පෑවා
රූපෙ ඒ නැතිවී ගියා
පිළිරුව මගෙ බිඳීලා ගියා
සිදුවූ දේ අහො
අපරාදේ
පිළිරුව මගෙ බිඳීලා ගියා

සුන්දර මනහර සැම දේ ලෝකේ
සුන්වේද මේ වගේ ගෙනදී සෝකේ //

ආදරේ මැද මුල සංවේගේ
මා දුකින් බර වී ගියා
පිළිරුව මගෙ බිඳීලා ගියා
සිදුවූ දේ අහො
අපරාදේ
පිළිරුව මගෙ බිඳීලා ගියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment