Salanihini Kowul Hada Song Lyrics - සැළලිහිණි කොවුල් හඬ ගීතයේ පද පෙළ

Salanihini Kowul Hada Song Lyrics - සැළලිහිණි කොවුල් හඬ ගීතයේ පද පෙළ
Song Title : Salanihini Kowul Hada (සැළලිහිණි කොවුල් හඬ)
ගායනය : ලතා වල්පොල සමගින් සී.ටී. ප්‍රනාන්දු
පද : සරත් විමලවීර
තනුව : සී.ටී. ප්‍රනාන්දු


සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ

නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා

නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා

කට ඇද කිරළා සහ වලිකුකුළා
හොට දිග පිළිහුඩුවා

කට ඇද කිරළා සහ වලිකුකුළා
හොට දිග පිළිහුඩුවා //
අප දැකලා
බිය වැදිලා
තරඟෙට හඬ නැගුවා

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ

කොළදිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලා

කොළදිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලාවිසකුරු පොළඟා
මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා

විසකුරු පොළඟා
මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා
රට පිඹුරා
ළඟම නයා
දරණ ගසා සිටියා

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment