Pun Sanda Rata Karoke Song - පුන් සඳ රෑට කැරොකේ ගීතය

Video Source - https://www.facebook.com/sinhalakarokesongs/videos/409073013548952/
Pun Sanda Rata Evidin Song Lyrics - පුන් සඳ රෑට ඇවිදින් ගීතයේ පද පෙළ
Song Title : Pun Sanda Rata Evidin (පුන් සඳ රෑට ඇවිදින්)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : රත්න විජේසිංහ
තනුව : ඔස්ටින් මුණසිංහ


පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට

පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
රන්මල් යාන හීනෙන් දකින පින පමන
තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන
රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන

පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment