Pera Athmayaka Song Lyrics - පෙර ආත්මයක ගීතයේ පද පෙළ

Pera Athmayaka Song Lyrics - පෙර ආත්මයක ගීතයේ පද පෙළ

Pera Athmayaka Song Lyrics - පෙර ආත්මයක ගීතයේ පද පෙළ
Song Title : Pera Athmayaka (පෙර ආත්මයක)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක
සංගීතය : මොහමඩ් සාලි
පද රචනය : කරුණාරත්න අබේසේකර


පෙර ආත්මයක එක රාත්‍රියක
මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ
ඒ ඔබයි සොඳුරේ ඔබයි සොඳුරේ
පෙර ආත්මයක එක රාත්‍රියක
සොමි සඳ පානේ රසුදැල් සෙලෙව්වේ
ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ
හ්ම් ම් ම් හ්ම් ම් ම් හ්ම් ම් ම් ම්

දෑතට බරවී දෑතක හිර වී
එක් වුණු තිසරුන් රංගන පෑවේ
ආදර වීණා සත්සර රාවෙන්
මත් වුණු කොවුලා සිත් ලෙස නෑවේ
මධුර අතීතේ දැනුණු තුසීතේ
ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
ඒ සුව සහනය සිහිවේ

නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
සියොළඟ ගිලුණා විශ්මිත එළියේ
සිත් ලෙස සුවසේ අත් ගෙන එක සේ
අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ
භවයෙහි පෙරදී ආ මග වැරදී
කොයිබද ඔබ මේ ප්‍රියදේහිනියේ
මා ඔබ දෙඅතක තනියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment