Oya Balma Oya Kalma Song Lyrics - ඔය බැල්ම ඔය කැල්ම ගීතයේ පද පෙළ

Oya Balma Oya Kalma Song Lyrics - ඔය බැල්ම ඔය කැල්ම ගීතයේ පද පෙළ

Oya Balma Oya Kalma Song Lyrics - ඔය බැල්ම ඔය කැල්ම ගීතයේ පද පෙළ
Song Title : Oya Balma Oya Kalma (ඔය බැල්ම ඔය කැල්ම)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1961 දී තිරගතවූ "කුරුලු බැද්ද" චිත්‍රපටියේ ගීයකි.


හා.... අඅඅආ..... ආ... ආ...
හා.... අඅඅආ..... ආ... ආ... ආ... ආ... ආ... ආ...
ආආආ... ආ... ආආ...

ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ
පුබුදාවි මල් මාගෙ නොඉඳුල් හිතේ //

සඳ රැල්ල කිරි වැල්ලෙ ඉතිරී ගියා
සැනසෙන්න අප දෙන්න දිනුවා කියා //

සෙවණැල්ල මෙනි ඇල්ම සංසාරයේ
ඔබ මාගේ ආලෝකේ වේ අන්ධකාරයේ

සෙවණැල්ල මෙනි ඇල්ම සංසාරයේ (ආ... ආ.... ආආඅආ....)
ඔබ මාගේ ආලෝකේ වේ අන්ධකාරයේ (ආ... ආ.... ආආඅආ....)

ගඟුලැල්ලෙ දියවැල් සෙ බැඳෙමී ප්‍රියේ
ඔබ මාගේ උල්පත වේ මෙ කාන්තාරයේ //

නොකැළැල්ය නොඉඳුල්ය ප්‍රේමේ අපේ
එය දන්න වන විල්හි මානෙල් පිපී //

ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ
පුබුදාවි මල් මාගෙ නොඉඳුල් හිතේ

සඳ රැල්ල කිරි වැල්ලෙ ඉතිරී ගියා
සැනසෙන්න අප දෙන්න දිනුවා කියා

ගම්මානෙ පෙම් සීනෙ එළි වී ඉතින්
වන මල් ද දියවැල් ද ඉපිලේ තුටින්

ගම්මානෙ පෙම් සීනෙ එළි වී ඉතින් (ආ... ආ.... ආආඅආ....)
වන මල් ද දියවැල් ද ඉපිලේ තුටින් (ආ... ආ.... ආආඅආ....)

ලද හින්දා හිත බැන්ද මගෙ රූපිකා
සුරඹුන් ද පවසන්නෙ තුති ගීතිකා //

අඹරෝරෙ මනහාර තරු මල් මවා
සන්තෝසෙ පවසාවි දෙවියන් පවා //

ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ (ආ... ආ.... ආආඅආ....)
පුබුදාවි මල් මාගෙ නොඉඳුල් හිතේ (ආ... ආ.... ආආඅආ....)

සඳ රැල්ල කිරි වැල්ලෙ ඉතිරී ගියා (ආ... ආ.... ආආඅආ....)
සැනසෙන්න අප දෙන්න දිනුවා කියා (ආ... ආ.... ආආඅආ....)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment