Kenek Kohendo Song Lyrics - කෙනෙක් කොහෙන්දෝ ගීතයේ පද පෙළ

Kenek Kohendo Song Lyrics - කෙනෙක් කොහෙන්දෝ ගීතයේ පද පෙළ
Song Title : Kenek Kohendo (කෙනෙක් කොහෙන්දෝ)
ගායනය : ලතා වල්පොල
පද රචනය : විනීත් ජයසූරිය
සංගීතය : පී.එස්. දිවාකර්
1957 දී තිරගත වූ “සුකුමලී” චිත්‍රපටියෙන්.තනුව ද්‍රවිඪ ගීයකින් උපුටා ගත්තකි.


කෙනෙක් කොහෙන්දෝ ඇවිල්ල රහසේ //
මගේම ඉටු දේවයා වෙලා

සිනා රැල්ල හා දයා බැල්ම පා
හදේ ඇල්ම මා උදා කළා

කවා පොවාලා හදා වඩාලා
කවා පොවාලා හදාලා වඩාලා
කවා පොවාලා හදා වඩාලා
සෙනේහයෙන් මා සොයා බලා
සෙනේහයෙන් මා සොයා බලා

මගේ පරාණේ සමාන වූ මා
පියා සිටියදී වියෝ වෙලා

කෙනෙක් කොහෙන්දෝ ඇවිල්ල රහසේ
මගේම ඉටු දේවයා වෙලා

ඝණාන්දකාරේ බයේ විකාරේ //
අනාථ වී මංමුලා වෙලා
අනාථ වී මංමුලා වෙලා
අවුල් තැවුල් වී දුකින් පෙළෙද්දී
සසුම් හෙළද්දී තනීවෙලා

කෙනෙක් කොහෙන්දෝ ඇවිල්ල රහසේ
මගේම ඉටු දේවයා වෙලා

රවා බලාලා තලා පෙළාලා
රවා බලාලා තලාලා පෙළාලා
රවා බලාලා තලා පෙළාලා
අනාදරෙන් පාගලා පෙළා
අනාදරෙන් පාගලා පෙළා

හැමෝම වාගේ නුරුස්සලා මා
නිගා කරද්දී හෙළා පෙළා

කෙනෙක් කොහෙන්දෝ ඇවිල්ල රහසේ
මගේම ඉටු දේවයා වෙලා

වියෝගයේ හා විනෝදයේ මේ //
විසාල වෙනසක් පෙනී ගියා
විසාල වෙනසක් පෙනී ගියා
සොබාදමේ හා මනුස්සයාගේ
උදාර ගුණයක් දැනී ගියා

කෙනෙක් කොහෙන්දෝ ඇවිල්ල රහසේ
මගේම ඉටු දේවයා වෙලා

සිනා රැල්ල හා දයා බැල්ම පා
හදේ ඇල්ම මා උදා කළා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment